මැතිවරණ කොමිසමෙන් ලැබුණු ආරංචිය
Election Commission of Sri Lanka
Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් එළඹෙන සතියේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා මහතා සදහන් කළේ ලබන 23වන දින එම සාකච්ඡාව පැවැත්විමට නියමිත බවය. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මගින් යෝජනාකර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබදව එහිදි සාකච්ඡා කිරිමට නියමිතය.
මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශාපාලන පක්ෂ නියෝජිතයින් සමග ද මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |