නව සීමානිර්ණ වාර්තාව භාර දෙයි..ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයින්ට වෙන දේ මෙන්න..
නව සීමානිර්ණ වාර්තාව, සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව සඳහන් කර ඇත. මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව අද යළි රැස් වීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) දිනයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් වුණි.
එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබූ අතර මැතිවරණය පිළිබඳව අප්‍රේල් මස 25 වන දිනට ප්‍රථම ප්‍රකාශයක් සිදුකරන බව ද මැතිවරණ කොමිසම එහිදී සඳහන් කළා.
අද මැතිවරණ කොමිසම රැස්වී නැවත සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව අවධානය යොමුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනිදා පැවැත්විය නොහැකි බැවින් ඊට නාම යෝජනා දී සිටින රාජ්‍ය සේවකයන් ඡන්දයට ඉදිරිපත් වන කොට්ඨාසයෙන් පිටත ස්ථානයකට පත් කර වැටුප් ගෙවීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා අවධාරණය කරනවා.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඊයේ (10 දා) පැවැති විශේෂ හමුවෙන් පසුය.
මැතිවරණ කොමිසම විසින් ඡන්දය පැවැත්වීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති මුදල් සම්බන්ධයෙන් සාධාරණයක් කිරීමට අගමැතිවරයා පියවර ගන්නා බව පැවසූ බව ද සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමග මැතිවරණ කොමිසම වෙනම සාකච්ඡා පවත්වනු ඇතැයි කියා සිටියා.
ඉන්පසු මැතිවරණය පවත්වන දිනය ගැන ප්‍රකාශයක් කරනු ඇති බවත් දැනට පවතින තත්ත්වය අනුව අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවයි ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |