මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් අලුත් ආරංචියක්..
Election Commission of Sri Lanka
Sri Lanka
Election
By Aruna
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් ඉවත් කර නව සාමජිකයන් සහිතව කොමිසම පිහිටුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ව්‍යවස්ථා සභාව විසින් සියලු කොමිෂන් සභා සඳහා මේ වන විටත් අයදුම්පත් කැඳවා තිබේ.
ඊට සමගාමීව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන් ද ඉවත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
පළාත්පාලන මැතිවරණය කල් යාමට සමගාමීව මෙම ඉවත් කිරීම සිදු වනු ඇති අතර ඉදිරියේ ඕනෑම මැතිවරණයක් පැවැත්වෙනු ඇත්තේ නව සභාපතිවරයෙකුගෙන් හා නව සාමාජික පිරිසක් සහිත කොමිසමක් යටතේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |