මැතිවරණයට තරඟ කරන රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්...

Election Commission of Sri Lanka Janaka Wakkumbura Sri Lanka Politician Sri Lanka Election
By Aruna May 02, 2023 02:08 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබා දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඒ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සිය ඡන්ද කොට්ඨාසයෙන් භාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියා.

"පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා සිටින සියලුම රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයා විසින් දාලා තියෙනවා.

අපට මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් ලබා දුන්නා, තමන් ඡන්දය ඉල්ලන පළාත් පාලන බලප්‍රදේශයෙන් පිටත ළඟම තැනකට ඔවුන්ව නැවත සේවයේ පිහිටුවලා ඒ අයට තමන්ගේ වැටුප හා දීමනා සියල්ලම ලබාගන්න පුළුවන් විදියට කටයුතු කරන්න.

ඒක මැතිවරණයට නාමයෝජනා දීලා ඉන්න අයට පමණයි. එතකොට ඡන්දය අවසන් වු ගමන්ම ඒ අයට හිටපු තැනට ඇවිත් වැඩකරන්න පුළුවන්. ඒ එක්කම තමන්ගේ නෝනා හරි මහත්තයා හරි ඡන්දේ ඉල්ලනවා කියලා මාරු කරපු අය පිරිසක් ඉන්නවා.

ඒ අය තමන් වැඩ කරපු තැන ඇවිල්ලා වැඩකරන්න පුළුවන්." මේ අතර පළාත් පාලන ආයතනවල කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් සියලු පළාත් පාලන ආයතන වෙත ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

"පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරු චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ක්‍රමවේදයක් සකස් කරලා පළාත් පාලන ආයතනවල වැඩකරන්න ඕනේ කොහොමද කියලා.

ඒ අනුව දැන් කටයුතු කරගෙන යනවා. ඒ ගැන අපි විශේෂයෙන් සොයාබැලීමකුත් කරනවා අමාත්‍යාංශයක් හැටියට.

ආණ්ඩුකාරතුමාව ලේකම්තුමාව කැඳවලා අපි මේ වෙනකොට පළාත් සභා 8ක සාකච්ඡා කරලා තියෙනවා.

තව අපිට වයඹ පළාත විතරයි සාකච්ඡා කරන්න තියෙන්නේ. සියලු පළාත්වලට අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙනවා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now