පලාත් පාලන මැතිවරණයට අදාලව දැඩි තීරණයක් ගනී..
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබෙනවා.
රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු ද තාවකාලිකව නතර කළ බවයි.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වන විටත් මුද්‍රණය කර ඇත.
මෙම කටයුතු සඳහා රුපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇති අතර ඊට අදාළව මේ දක්වාත් මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයින් 200කට වැඩි පිරිසකට දීමනා ලබාදීමට ද නොහැකි වී ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද රජයේ මුද්‍රණාලය අවධාරණය කළා.
පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා සිදුකර ඇති මුද්‍රණ කටයුතුවලට අදාළව ගෙවීම් සිදුකරන ලෙස අවස්ථා කිහිපයකදී මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය මහ භාණ්ඩාගාරය වෙත ලිඛිතව දැනුම් දී තිබුණි
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |