මැතිවරණ තියන්න තීන්දුවක් ගන්න සූදානම්..මැ.කො. සභාපති කියයි..
Election Commission of Sri Lanka
Sri Lanka
By Aruna
පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ටද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.
මුදල් හා අදාල ආයතනවල සහාය නැතිව මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට තනිව හැකියාව නැතැයිද හෙතෙම පැවසීය.
මුදල් ලබා දීමේ වගකීම රජය සතු බවත් මුදල් ලබා දීම මත අනිත් කටයුතු සිදු කළ හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
මේ අතර මුදල් නොමැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව මුද්‍රණාලය පවසන්නේ නම් කොමිසන් සභාව රැස්වී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ද සභාපති වරයා තවදුරටත් කියා සිටියි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |