ලබන සතියේ මේදේ නොලැබුණොත් ඡන්දය කල් යයි..කොමිසමෙන් දැනුම්දීමක්..
ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති නිමල් ජී. පුංචිහේවා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදුකිරීමට අවම වශයෙන් එම මුදල අවශ්‍ය වන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 1,100 ක්.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මැතිවරණ කොමිසම විසින් මීට පෙර ලිපියක් යොමුකර තිබුණා.
එම ඉල්ලීම ඇතුලත් ලිපිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබෙනවා.
ඒ පිළිබඳව ද අමාත්‍යංශ ලේකම්වරයා විසින් තමන්ව දැනුවත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ.
මේ අතර ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එකිනෙක අභිභවා කටයුතු කළහොත් බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වන බවයි පැෆරල් සංවිධානය පැවසුවේ.
මේ, එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |