තැපැල් ඡන්දය පැවැත්විය හැකි දිනවකවානු පිළිබඳව දැනුම්දීමක්..

Election Commission of Sri Lanka Sri Lanka Election
By Aruna Mar 05, 2023 03:46 AM GMT
Report

පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවට දින 10ක් තුළ තැපැල් ඡන්ද විමසීම පැවැත්විය හැකි බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ, ඊට අදාළ බොහෝ කාර්යයන් මේවනවිටත් සිදු කර ඇති බැවින් තැපැල් ඡන්ද විමසීම එම කාලය තුළ සිදු කිරීමට හැකි බවයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට පෙර ඊට අදාළ සියලු කරුණු පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කළ යුතු බවයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ලබන 07 වනදා රැස්වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

එම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා කැඳවා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now