මැතිවරණය සම්බන්ධව තීරණාත්මක තීන්දුවක්..

Election Commission of Sri Lanka Sri Lanka Election
By Aruna Feb 24, 2023 12:15 AM GMT
Report

මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (24) දිනයේදී රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කළ බව එහි සාමාජිකයින් 5 දෙනාගේම සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා පසුගියදා රටට ප්‍රකාශ කළ බවය.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සෑම ගැසට් නිවේදනයකටම කොමිසමේ සාමාජිකයින් 5 දෙනාම අත්සන් යොදා ඇති බවත් ඔහු වැඩිදුටත් ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
join now