මැතිවරණය සම්බන්ධයෙන් ජනපතිගේ තීරණය දැනුම් දෙයි.(LIVE)

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Ranil Wickremesinghe
By Aruna Feb 23, 2023 06:48 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) උදෑසන පාර්ලිමේන්තුවට පැමිණියා.

එහි දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ, මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳ මැතිවරණ කොමිසම මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, ජනාධිපතිවරයා ලෙස තමාගේ ප්‍රමුඛතම කාර්යය ආර්ථික අර්බුදෙන් මිරිකී තිබෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එහි දී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ, "කාරණා දෙකක් තියෙනවා. එකක් එදා දැම්මේ නැති විදියට බිලියන 20ක් වෙන්කළා මේ රටේ හාල් ගන්න බෙදන්න කියලා.

ඒ දැම්මේ පවුල් ලක්ෂ 20කට දැන් පවුල් ලක්ෂ 28ක් තියෙනවා. ඒ වගේම තියෙනවා මෙතන විශ්‍රාම ගිය අයට පාරිතෝෂිත දීමනා දෙන්න. ඊළඟට මේ මන්ත්‍රීවරු ඇවිල්ලා මට කිව්වා.

විමධ්‍යගත අරමුදලින් කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් මුදල් ටිකක් වෙන්කළා. ඉතින් ඒක වෙන්කරන්න එපා නම් කියන්න මම එතකොට ඒ දිහා සලකලා බලන්නම්.

මේ සභාව ඒක තීරණය කරලා මට කියන්න, අපි තීරණයක් අරගත්තා විශේෂයෙන්ම මේ ණය පිළිබඳ පැරිස් සමුළුවයි ඉන්දියාවයි චීනෙයි එක්ක එකඟත්වයක් ඇතිකරලා IMF එකෙන් විශේෂයෙන්ම මේ යෝජනා ගැන අපිට තීරණයක් දෙනකල් මේ මුදල් අල්ලන්නේ නෑ.

හදිසියේ අපිට මාසයක් හරි දික්කරන වුණොත් මේ ප්‍රශ්නේ ගැන අපිට මුදල් නැතිවෙනවා, අන්න ඒකයි." "අනික මේ ඡන්දයක් නෑ දෙන්න.

ඒත් මම එකක් කියන්නම්, මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට. ඒක හැදුවේ නැත්නම් රටක් නෑ. මම එක ප්‍රශ්නයක් අහනවා.

රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන් ද ? ව්‍යවස්ථාව අරක්ෂා කරන්න පුළුවන් රට ආරක්ෂා කළොත් විතරයි.

ඔබතුමාලා ඉස්සරවෙලා ගිහින් කියන්න තුන්දෙනෙක් එක්ක වාඩිවෙලා තීරණය ගන්න කියලා ඡන්දය තියන්න.

එතකොටයි මට ප්‍රශ්නය එන්නේ. එහෙම තීරණයක් අරගෙන නැත්නම් ආණ්ඩුවටවත් මටවත් ප්‍රශ්නයක් නෑ." යනුවෙන්.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.