මැතිවරණ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය.

Sri Lanka Sri Lankan political crisis
By krishani Feb 20, 2023 06:22 AM GMT
Report

ඉදිරි පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

ඒ අදාල පෙත්සම අද (20) කැද වු අවස්ථාවේ දී ය.

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් පැවසුවේ, තැපැල් ඡන්ද විමසීම් කටයුතු ලබන 23 වන දිනට පෙර සිදු නොකරන බැවින් එය පෙර නියම කර ඇති දිනට කැඳවන ලෙස යි.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා සහ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද විරුද්ධත්වයක් පළ නොකළ බැවින් පෙර සඳහන් කල පරිදිම පෙත්සම ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

මීට අමතරව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට මැතිවරණයට අදාලව ඉදිරිපත් වී ඇති බාධා සම්බන්ධයෙන් මෝසමක් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join