ඡන්දය නොතිව්වොත් මාර්තු 09 වෙනිදා රෑ වෙන දෙයක් ගැන දැනුම්දීමක්..

Election Commission of Sri Lanka Sri Lanka Election
By Aruna Feb 16, 2023 06:37 AM GMT
Report

මැතිවරණය නොපැවැත්වුවහොත් දැනට තිබෙන නීති ක්‍රමවේදය අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන සියල්ලම මාර්තු මස 9 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කෙරෙන බවත්,මේ නිසා සභිකයන් 8698 කට පඩි නඩි ගෙවීම නතර වීමෙන් රජයට මාසයකට රුපියල් කෝටි 18 ක පමණ මුදලක් ඉතිරි වන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවද සමග සමස්ත පළාත් පාලන සභික සංඛ්‍යාව 8,715 ක් වන අතර,ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සභිකයන් සංඛ්‍යාව 17 කි.

පළාත් පාලන මැතිවරණය ගැසට් කිරීමට පෙර සියලු පාර්ශව සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන ලෙස අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබූ බවද ඇමැතිවරයා කීවේය.

ඡන්දයක් පැවැත්වීම තනි ආයතනයකට කළ නොහැකි බවත්,මුදල් අමාත්‍යාංශය,ඛනිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කළේ නම් ගැටලු තත්ත්වයක් ඇති නොවන බවද ඔහු පැවසුවේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now