මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යයි?..නඩු කිව්වොත් වෙන දේ මෙන්න.
මාර්තු 9 වැනිදාට දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය එදිනට පැවැත්වීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග වාර්තා කරයි.
මැතිවරණට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නොලැබීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කිරීම, මැතිවරණයට අදාළ නඩු කටයුතු වලදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය නොලැබීමත් මත මෙම තත්ත්වය උදාවී තිබේ.
මේ වන විටත් තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් පසු එම මැතිවරණය පැවැත්වීම නව මැතිවරණ කොමිසම් සභාවක් යටතේ සිදු ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසන්නේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම දින කිහිපයකින් පමා වුව ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සැලසුම් කළ පරිදි නියමිත දින සිදු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.
මාර්තු 09 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඡන්දයට මුදල් ඉල්ලා හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් නීතිමය පියවර ගතහොත් එම නඩු කටයුතු නිමාවීමට තවත් මාස ගණනාවක් ගතවනු ඇතැයි ද ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |