මැතිවරණයට අදාලව පෙබරවාරි 23 කරන්න යන දේ ගැන දැනුම් දීමක්..
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන 23දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව් විජේසුන්දර විසින් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.
පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.
එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ සඳහන් කළා.
ඉන් අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කර ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකේ විභාගය අවසන් කිරීමට තීන්දු කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |