මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබාදුන් අලුත්ම තීන්දුව මෙන්න..

Election Commission of Sri Lanka
By Aruna Feb 10, 2023 06:28 AM GMT
Report

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ සඳහන් කළා.

ඉන් අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කර ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකේ විභාගය අවසන් කිරීමට තීන්දු කළා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලමින් තිබෙනවා.