වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර මිල ගැන තීරණයක් ගන්න යයි..

Mahinda Amaraweera Businessman Egg
By Aruna Mar 02, 2024 03:26 AM GMT
Report

මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුව ද මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසනවා.

මේ අනුව, බිත්තර නිෂ්පාදකයන් හා වෙළෙඳ මාෆියාව විසින් ජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගන්නා බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර කර සිටියේ, මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.