බිත්තර මිල අඩුවෙයි?..අලුත් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව පවතින බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.
මහජනතාවට සුදු බිත්තර රුපියල් 43කට සහ සහ දුඹුරු බිත්තර රුපියල් 45ක් වැනි මුදලකට රට පුරා ආර්ථික මධ්‍යස්ථානවල සහ විවෘත වෙළඳපොලේ මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා කියා සිටියේ.
එබැවින් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, දේශීය කුකුළු කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කර ඇති බිත්තර ආනයනය නතර කරන ලෙසටයි.
ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ, කුකුළු ගොවීන් සඳහා සහනාධාර, දිරිගැන්වීම් සහ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට රජය බදු සහන ලබාදිය යුතු බවයි.
රට බිත්තරවලින් ස්වයංපෝෂිත කිරීමට එය හේතු වනු ඇති බවටයි ඔහු කියා සිටියේ.
එමෙන්ම තරුණ තරුණියන් 20,000ක් පමණ පුහුණු කිරීමෙන් පසු කුකුළු ගොවිපළ 15,000ක් මේ මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සරත් රත්නායක මහතා සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ, දෛනික දේශීය පරිභෝජනය සඳහා බිත්තර මිලියන හතකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත් දැනට නිෂ්පාදනය කරන්නේ බිත්තර මිලියන හයක් පමණක් බවයි.
වෙළෙඳ පොළේ පවතින බිත්තර හිඟය සහ මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන මේ වසර මුලදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවා.
ඉන්දියාවෙන් ගෙන්වූ එම බිත්තර ලබා දුන්නේ බේකරි සහ හෝටල් හිමියන්ට පමණක් වන අතර දේශීය නිෂ්පාදකයින් බිත්තර මිල අඩු නොකළහොත් ආනයනික බිත්තර විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමට ද බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |