බිත්තර මිල පාලනය කරන්න ගෙන ආ ගැසට්ටුවක් අවලංගු කරයි?..
බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අප්‍රේල් 19 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය මගින් සුදු බිත්තර කිලෝවක් සඳහා රුපියල් 880ක උපරිම සිල්ලර මිලක් සහ රතු බිත්තර කිලෝවක් සඳහා රුපියල් 920ක උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසුවේ, මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග ව්‍යාපාරිකයන් අයුතු ලාභ ලැබීමට කටයුතු කරමින් ඇති බවයි.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන බර අනුව බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට එම අධිකාරියේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
බර අනුව බිත්තර අලෙවි කිරීමේදී එක් බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවයි.
එලෙස එක් බිත්තරයක මිල රුපිල් 50ක් ඉක්මවීමෙන් බිත්තරයක් සදහා පනවා තිබූ රුපියල් 44ක පාලන මිලේ සීමාවද ඉක්මවා ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |