බිත්තර හිඟයට විසඳුම සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය කියයි..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 04, 2023 09:49 AM GMT
Report

පවතින බිත්තර හිඟය මඟහරවා ගැනීමට හොඳම විසඳුම බිත්තර ආනයනය බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

කෙසේවෙතත් බිත්තර ආනයනය කිරීමේ වැඩපිළිවෙල කොමිස් ලබාගැනීමේ අරමුණින් සිදුකරන සැලසුම් සහගත ක්‍රියාවක් බවට ආපණශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩලය ගත් තීරණයෙන් පසු බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් ඊයේ (03) කටයුතු කළේ ආර්ථික මධ්‍යස්ථාන මගින් රුපියල් 55කට බිත්තර අලෙවි කිරීමටයි.