බිත්තර ප්‍රශ්නය ලබන සතියේ සිට විසඳෙයි..මිලත් අඩු වෙයි..
Sri Lanka
Businessman
Nalin Fernando
By Aruna
ලබන සතිය තුළ පළමු බිත්තර තොගය මෙරටට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ පසුගිය 2වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබාදුන් බවයි.
මේ අතර බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය කර්මන්තය නිරතවන විශාල පිරිසකට දැඩි බලපෑමක් එල්ලවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිශ්පාදකයින්ද පෙන්වා දෙයි.
කෙසේ වෙතත් අද දිනයේ ද වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 65 - 70ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වූ බව පාරිභෝගික ජනතාව පවසයි.
මෙලෙස ලබන සතියේ සිට බිත්තර ආනයනය කිරීම හේතුවෙන් දැනට වෙළඳ පොලෙහි පවතින බිත්තර මිල පහල යනු ඇතැයි බොහෝදෙනෙක් ප්‍රකාශ කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |