බිත්තර ගැන අලුත් ආරංචියක්.

By krishani Feb 04, 2023 07:23 AM GMT
Report

අද (04) දින, බිත්තර ආනයනය සදහා අදාළ ඉන්දීය සැපයුම්කරුවන් ලබා දිය යුතු වාර්තා ලැබෙනු ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

අදාළ වාර්තා ලැබුණු වහාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එම වාර්තා යොමුකරන බව ඔහු පැවසී ය.

ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ තෝරාගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනාටම අද දින ඇතුළත අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද පසු බිත්තර ආනයන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ හැකි වනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join