විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන දැනුවත් කිරීමක්..

Sri Lanka Ceylon Electricity Board Kanchana Wijesekera
By Sewvandhi Apr 19, 2023 11:12 AM GMT
Report

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා, කැබිනට් අනුමැතිය හිමිවූ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කීරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාලරාමුව සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට, පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, මේ සදහා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවද එක්ව සිටින බවයි. ඒ අනුව අද උදෑසන විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, අමාත්‍යවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. 

 එහිදී මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සම්පුර්ණ සහය ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසා ඇති බව සඳහන්ය.

එමෙන්ම එම ක්‍රියාවලිය වේගවත් කරන ලෙසට ද ඔවුන් ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව වර්තමාන සේවයේ යෙදීසිටින නිලධාරීන් ඔවුන්ගේ පාරිතෝෂික දීමනා, විශ්‍රාම වැටුප් පිළිබඳව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සහ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව යෝජනා ඉදිරිපත් කළ බවද අමාත්‍යංශය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now