නව පාසල් වාරය ආරම්භයත් සමඟ සියලු සිසුන්ට දැනුම්දීමක්..

Ministry of Education
By Aruna Apr 18, 2023 04:48 AM GMT
Report

ආරම්භයත් දියල නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ ළමයින් අතර පාචනය වැනි රෝග තත්ත්වයක් පැතිර යෑමේ අවදානමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා මහතා පවසා සිටිනවා.

එහිදී ඔහු විසින් ප්‍රකාශ කළේ, උත්සව සමයේ දරුවන් විවිධ ස්ථානවලින් විවිධ වර්ගයේ ආහාර අනුභව කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවත් සෑම වර්ෂයකම මෙම තත්ත්වය ව්‍යාප්ත වන බවයි.

දරුවන්ට උණ සමඟ වමනය, බඩ රිදිල්ල, ආහාර අජීර්ණය වැනි තත්ත්වයක් ඇති වුවහොත් පාචන තත්ත්වයක් විය හැකි බවත් මේ පිළිබඳ මවුපියන් වැඩි අවදානයක් ලබා දිය යුතු බවට ඔහු සඳහන් කර සිටී.

එවැනි තත්ත්වයක දරුවන්ට ස්වභාවික දියර ආහාර, පළතුරු යුෂ, තැඹි0ලි වතුර, බැදිහාල් කැඳ හා ජීවනී ලබාදිය හැකි බවත් වමනය සඳහා ප්‍රතිකාර ලබා නොගතහොත් දරුවන් විජලනයට පත් විය හැකි බව ද ඔහු සඳහන් කළා.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,වමනය හා උණ තත්ත්වය උත්සන්න වන අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් එවැනි තත්ත්වයකදී හැකි ඉක්මනින් ළඟම පිහිටි රෝහල වෙත දරුවන් යොමු කළ යුතු බවයි.

නමුත් විජලන තත්ත්වය අවම කර ගැනීමට ,වුපියන් නම් දරුවන් රෝහල්ගත කිරීමේ සංඛ්‍යාව අඩු කරගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now