ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන රටවල් 03ක් සමග සාකච්ඡා කිරීමට යයි

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sithumi Aug 18, 2022 01:30 PM GMT
Report

ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල්වලට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලුම් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ සාකච්ඡා කිරීමට ලබන මාසයේ ටෝකියෝවට යාමට ද නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.

"කවුරුහරි කතා කරන්න ඕන, ප්‍රධාන ණය දෙන ජාතීන්ට ආරාධනා කරන්න. අපි ජපානයට එය කරන්න කියන්නම්," යනුවෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බවයි රොයිටර් පුවත් සේවය කියා සිටියේ

. ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටවලින් ආධාර ලබාගැනීමට අමතරව ඩොලර් බිලියන 2 ත් 3 ත් අතර ණය පැකේජයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත රටට පැමිණෙන දිනය සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වන උදයංග වීරතුංග සිදු කළ ප්‍රකාශය පිළිබඳව ද රොයිටර් පුවත් සේවය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා එවැනි සැලසුමක් පිළිබඳ මෙතෙක් දැනුවත් නොමැති බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now