සියලුම ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගෙන් කළ ඉල්ලීම..

Sri Lanka
By krishani Apr 09, 2023 01:56 AM GMT
Report

අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පාස්කු ඉරු දින ත්‍රස්ත්‍ර ප්‍රහාරය සිදුකළ බවට පැවසුව ද ඇතැම් දේශපාලකයින්ගේ ප්‍රකාශවලින් එම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවට පිළිබිඹු වන බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සඳහන් කළේ ය.

ඒ අදට (09) යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය. 

කෙසේවෙතත් පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැඳුරේ දී පැවැත් වේ.

ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් වැඩිදුරටත් පවසා සිටියේ, බියෙන් සහ සැකයකින් තොරව එම පූජාවන්ට සහ දේව මෙහෙයන්ට සම්බන්ධ වන ලෙස සියලු කතෝලික ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join