පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ වාර්ථාවක් මුදාහැරීමට නියම වෙයි.

By Sithumi Jan 26, 2023 03:42 PM GMT
Report

පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය අද (26) එකඟවී තිබෙනවා.  

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළේ එම වාර්තාව කොමිසමට ද පිටපතක් සහිතව පෙබරවාරි 09 වනදාට පෙර මුදාහරින ලෙසයි.

  විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහරින ලෙස වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ කාදිනල්තුමා ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළත් එය නිකුත් නොකළ අතර වාර්තාව මුදාහැරීමට වසර හතරකට පසු තීන්දු කිරීම තොරතුරු පනත අනුව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බව සඳහන් වනවා.  

සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනය අවස්ථා ගණනාවකදී තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව හමුවේ කැඳවනු ලැබුවා.