උදේ පාන්දර හම්බන්තොට භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අඟවයි?..

Hambantota Sri Lanka Earthquake Weather
By Aruna Apr 24, 2023 01:25 AM GMT
Report

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති විය නොහැකි බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ.

මේ අතර අද (24) දින අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි. ඔවුන් සඳහන් කළ සිටින්නේ,අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් අද (24) දිනට නිකුත් කළ ඇති එම දෙපාර්තමේන්තුවේ කාළගුණ වාර්තාවේ දැක්වෙනවා.

එම නිසා ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now