ලංකාවේ භූ කම්පන තත්ත්වය ගැන විශේෂ හෙළිදරව්වක්.!!

Sri Lanka Earthquake
By Aruna Feb 23, 2023 05:32 AM GMT
Report

මෙරට භූ කම්පන සිදුවන්නේ එක් කළාපයක් ආශ්‍රිතව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ විශ්‍රාමික ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

පසුගිය වසර සියය ඇතුලත මෙරට සිදුවූ භූ කම්පන වාර්තා වූයේද එම කලාපය ආශ්‍රිතව බවයි ඔහු පෙන්වා දුන්නේ.

බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ පෙරවරුවේ ද භූකම්පනයක් සිදුවුණා.

පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 7 ත් 8 ත් අතර ගැඹුරින් සිදුවූ එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 3 යි දශම 3 ක් ලෙස සටහන්වූ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ.

කෙසේවෙතත් ඉන් කිසිදු පුද්ගලයෙකුට හෝ කිසිදු දේපළකට හානි සිදුවූයේ නැහැ.

බුත්තල හා වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය 10 වනදා සහ 11 වනදා ද භූ කම්පන වාර්තා වුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now