රට ගොඩ ගැන්මට දුමින්ද දිසානායක කිව්ව කතාව...
By Sithumi
රට ගෙඩනෑගීමට උදා වී ඇති අවසන් අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසනවා. අද (21) පෙරවරුවේ අනුරාධපුරයේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කල.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් සංවිධාන කළ අනුරාධපුර සංවර්ධන සභාව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ තුනේම මහජන නියෝජිතයින් එක්ව සිටීම විශේෂත්වයක්.