පකිස්තානය ඉන්දියාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය හෙළිවෙයි..

Pakistan India
By Sewvandhi Jan 01, 2023 07:56 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ඉන්දීය දේශ සීමා හමුදාව විසින්, 2022 වසරේදී පාකිස්තානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය, මුදල්, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ ඩ්‍රෝන යානා 22ක් හමුදා බාරයට ගෙන තිබේ .

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 316කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.  දේශසීමා වැටලීම්වල දී ගිනිඅවි 67 ක් සහ පතොරම් 850ක් ද ඉන්දීය දේශසීමා හමුදා භාරයට ගෙන ඇත.

දේශසීමා ආරක්ෂක බළකාය විසින් පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු ඝාතනය කර ඇති අතර විවිධ සිදුවීම්වලදී පාකිස්තාන ජාතිකයින් 23 දෙනෙකු පසුගිය වසරේදී අත්අඩංගුවට ගත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now