පකිස්තානය ඉන්දියාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය හෙළිවෙයි..

Pakistan India
By Sewvandhi Jan 01, 2023 07:56 AM GMT
Report

ඉන්දීය දේශ සීමා හමුදාව විසින්, 2022 වසරේදී පාකිස්තානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය, මුදල්, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ ඩ්‍රෝන යානා 22ක් හමුදා බාරයට ගෙන තිබේ .

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 316කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.  දේශසීමා වැටලීම්වල දී ගිනිඅවි 67 ක් සහ පතොරම් 850ක් ද ඉන්දීය දේශසීමා හමුදා භාරයට ගෙන ඇත.

දේශසීමා ආරක්ෂක බළකාය විසින් පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු ඝාතනය කර ඇති අතර විවිධ සිදුවීම්වලදී පාකිස්තාන ජාතිකයින් 23 දෙනෙකු පසුගිය වසරේදී අත්අඩංගුවට ගත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now