මෙරට ලක්ෂ 08 කගේ ඩ්‍රයිවින් ලයිසන් එකට සිදු වූ දේ.. ඔබටත් මෙහෙම උණා ද?..
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍රවල පවතින හිඟය නිසා රියැදුරු බලපත්‍ර කාඩ්පත් අපේක්‍ෂාවෙන් සිටින ලක්‍ෂ 08 ක පමණ ප්‍රමාණයකට නිසි පරිදි රියැදුරු බලපත්‍ර ලබාදීමට නොහැකි වී තිබෙනවා.
වේරහැර කාර්යාලයේ කාඩ්පත් මුද්‍රණය කිරීම සඳහා යන්ත්‍ර 09 ක් පැවතියත් මේ වනවිට ඉන් මුද්‍රණ කටයුතු සිදුකළ හැක්කේ යන්ත්‍ර 04 කින් පමණක් බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ.
පවතින යන්ත්‍රවලින් මුද්‍රණය කරන බලපත්‍ර තැපැල් මගින් හිමිකරුවන්ට යවන බව ද ඔහු කීවේය.
පවතින යන්ත්‍ර අලුත්වැඩියා කරනවාට වඩා අඩු මිලට නව යන්ත්‍ර 06 ක් මිලදී ගැනීමට හැකි නිසා ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.
එම යන්ත්‍ර ගෙන්වා ගනු ලැබුවත් පවතින තොගය අවසන් කිරීමට මාස 06 ක් පමණ ගතවන බවත් සඳහන් කළේය.
දෛනිකව 2000 ක පමණ කාඩ්පත් ප්‍රමාණයක් මුද්‍රණය කරන නිසා හැකි ඉක්මණින් නව යන්ත්‍ර ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |