ලෝකයේ මුදල් ඒකක රැසක් අතරින් රුපියල ශක්තිමත් වෙයි..රටට සුබ පණිවුඩයක්..

Dollar to Sri Lankan Rupee Sri Lanka Economy of Sri Lanka Dollars
By Aruna May 04, 2023 02:23 AM GMT
Report

මේ වසරේ (2023) මුල සිට අප්‍රේල් 28 වැනිදා දක්වා ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 12.9කින් ශක්තිමත් වී ඇති බව වාර්තා වනවා.

ගිය වසරේ (2022) දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.8කින් පිරිහීමට ලක්ව තිබුණා.

මේ වසරේ (2023) අප්‍රේල් 28 වැනිදා දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව පමණක් නොව, තවත් ප්‍රධාන ව්‍යවහාර මුදල් වර්ග ගණනාවකට සාපේක්‍ෂව ද ශක්තිමත් වී තිබේ.

මේ අනුව අදාළ කාලයේ දී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 9.1 කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 8.8කින් ද, ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 14.2කින ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 15.1කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 11.4කින් ද ශක්තිමත් වී ඇත.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now