ඉන්ධන මිල අඩුවෙද්දි අද ඩොලරයේ සිදුවූ වෙනස..නව මිල ගණන් මෙතනින් දැනගන්න..

Dollar to Sri Lankan Rupee Sri Lanka
By Aruna Mar 29, 2023 07:24 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල අද දිනයේදී නිකුත් කර ඇති විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

සම්පත් බැංකුවට අනුව, ඊයේ දිනට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 315 සිට රු. 318 ක් ඉහළ ගොස් ඇති අතර එහි විකුණුම් මිල රු. 330 සිට රු. 333ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොමර්ෂල් බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව 314.27 සිට රු. 315 ලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම විකුණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව නොවෙනස්ව පවතින අතර එය සටහන් වුයේ රු. 332.50ක් ලෙසයි.

මහජන බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය නොවෙනස්ව පවතී.

ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත සටහන් වුයේ රු. 313.52 සහ රු. 336.09ක් ලෙසයි.

එමෙන්ම ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 316ක් වන අතර විකිණුම් මිල රු.334.54ක් ලෙස සටහන් වනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now