අද දිනයේ එකවරම ඩොලරයේ වටිනාකමට සිදු වූ දේ මෙන්න..

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Mar 10, 2023 06:28 AM GMT
Report

අද දිනයේදී මෙරට වාණිජ බැංකු කිහිපයක් සිය විදේශ විනිමය හුවමාරු අගයන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ අගය යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කර තිබෙනවා.

ඊයේ දිනයේදී ඇතැම් වාණිජ බැංකු වල අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.325ක් ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේදී රු.325 සිට රු.331ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ අද දිනයේදී විදේශ විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.308.83ක් ලෙස සටහන්ව තිබෙන අතර එහි විකිණුම් අගය රුපියල් 328ක් ලෙස සඳහන්ව ඇත.

හැටන් නැෂනල් බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.310ක් ලෙස සඳහන් වන අතර එහි විකිණුම් මිල රු. 325ක් වේ.

සෙලාන් බැංකුවේ අද දිනයේදී ගැනුම් මිල රු.307ක් වන අතර විකිණුම් මිල ලෙස සටහන් වන්නේ රු.329ක් ලෙසයි.

සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.310ක් ලෙසත් විකිණුම් මිල රු. 325ක් ලෙස දක්වා ඇත.

මහජන බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.305.05ක් වන අතර විකිණුම් මිල ලෙස සටහන් වන්නේ රු. 331.47ක් ලෙසයි.

ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල 310ක් ලෙසත් විකිණුම් මිල රු. 330.60ක් ලෙස දක්වා ඇත.



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.