රටටම සුබ ආරංචියක්..අදත් ඩොලරය එකවරම පහළ යයි..සටහන් වූ නව මිල මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Mar 03, 2023 07:43 AM GMT
Report

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද(03) දිනයේ ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ මෙරට බැංකු විසින් මිලට ගනිමින් ඇත්තේ රුපියල් 334ක මිලටයි.

එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 346ක් ලෙසයි. ගත වූ දින කීපයේම ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ, මහ බැංකුවේ විනිමය අනුපාතික අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රු. 343.97 ක් හා විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් දැක්වුණා.

ඩොලරයක් පෙරේදා දිනයේදී ගැනුම් මිල රු 351.72ක් හා විකුණුම් මිල රු. 362.95 ක් ලෙස සටහන් විය.

මෙලෙස එකවරම ඩොලරය පහල යෑම නිසා මෙරට භාණ්ඩ මිල ගණන් වල අඩුවීමක් ඉදිරියේදී සිදුවිය හැකි බව බොහෝ විචාරකයින් පවසයි.

එවැනි තත්ත්වයක් ඇතිවූවහොත් පාරිභෝගික ජනතාවට ඉමහත් අස්වැසිල්ලක් වන බව නොවනුමානයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now