ලංකාවේ ඩොලර් සංචිතය ඉහළ යයි..රටටම සුබ ආරංචියක්..

Dollar to Sri Lankan Rupee Sri Lanka Economy of Sri Lanka Dollars
By Aruna Feb 08, 2023 01:05 AM GMT
Report

2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

එය 2022 දෙසැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,898 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 11.7%ක ඉහළ යෑමකි.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 1,863 සිට ඩොලර් මිලියන 2,064 ක් දක්වා 10.8% කින් වැඩි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය ද පසුගිය ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 29 ක් දක්වා 5.7% කින් වැඩිවී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now