හදිසියේම ලිපිගොනු අතුරුදන් වූ රාජ්‍ය ආයතනය..

Sri Lanka
By Sewvandhi Apr 29, 2023 07:53 AM GMT
Report

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී අත්තේ, 2015 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැති බවයි.

අදාල කොමිසන් සභාවේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.

එහිදී කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින්, වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව විසින් දිගින් දිගටම අවධාරණය කර තිබුණ ද 2015 වසරේ අවසන් වරට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවෙන් පසු මෙතෙක් වාර්තාවක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ අප්‍රසාදය පළ කර ඇත.

කොමිෂන් සභාව මගින් ඉඩම් ලබාදීමේදී නිසි අනුපිළිවෙලක් සකසන ලෙස කාරක සභාව පසුගිය රැස්වීමේදී නිර්දේශ කළ ද තවමත් එහි කිසිදු ප්‍රගතියක් සිදුවී නොමැති බවද මෙහිදී නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගතවී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙස ද සභාපතිවරයා මෙහිදී අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now