ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්..
Sri Lanka
Colombo Hospital
By Aruna
කොළඹ ජාතික රෝහලේ සිදුකරන හදවත් සැත්කම් ජුනි මාසයේ සිට නතර කිරීමට සිදුවන බවට වෛද්‍යවරු අනතුරු අඟවති.
එම හදවත්සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය මෙයට හේතුවී ඇති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවසීය.
සාමන්‍යයෙන් දෛනිකව රෝහලේ බයිපාස් හදවත් සැත්කම් හතරක් පමණ සිදුකරන අතර මේවන විට ද එම සැත්කම් අඩු කර තිබේ.
එසේම සියලු හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඉනොක්ස්පරින් (enoxaparin) එන්නත රෝහලේ හිඟ වී ඇති අතර මේ හේතුවෙන් හෘද රෝගීන්ට දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇත. හදවත් සැත්කම් කිරීමේ දී ලබාදෙන හදිසි ඖෂධ වර්ග කිහිපයක්ම මේවන විට රෝහලේ නැත.
එම ඖෂධ ඉදිරි මාස තුන පමණ කාලය ඇතුළත නොලැබුණහොත් අනෙකුත් හෘද සැත්කම් සඳහා ද බාධා වීමේ අවදානමක් මතුව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |