දිස්ත්‍රික්ක 12ක් අධි අවදානම් ලෙස නම් කෙරේ - සියලු විස්තර මෙන්න..
ඩෙංගු අධි අවධානම් කලාප ලෙස දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ 81ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්කවල මෙලෙස ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් පවතින බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.
ජනවාරි මාසයේ තුන් වන සතියේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 411ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 305 දෙනෙකු, කළුතරින් 120 දෙනෙකු, කුරුණෑගලින් 109 දෙනෙකු, පුත්තලමෙන් 96 දෙනෙකු, ගාල්ලෙන් 83 දෙනෙකු, මහනුවරින් 73 දෙනෙකු, රත්නපුරෙන් 62 නෙකු, හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම, කල්මුණෙන් 42 නෙකුත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙකුත් හදුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ. මෙම වසරේ ගත වූ මාසයක කාලය තුළ ඩෙංගු රෝගීන් 7000ක් හමුවී ඇති අතර මරණ දෙකක් ද වාර්තා වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |