ගොඩක් සීරියස් වෙන කෙල්ලොන්ට සමහර පිරිමි කැමති නැහැ, ඒකයි මම සැහැල්ලුවෙන් ඉන්නේ-ඩිස්නි රාජපක්ෂ (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 21, 2023 05:05 PM GMT
Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංවි නාට්‍යයේ ශයිනි සහ කී (KEY) නාට්‍යයේ නතාශාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඩිස්නි රාජපක්ෂ කියලා කියන්නේ.

ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සකච්චාක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඒ වගේම ඇය රඟපාන එකට අමතරව ජිම් යනවා, ක්‍රීඩා කරනවා, ඉගෙන ගන්නවා සහ ඊට අමතරව නර්තනය ඇතුළු කලාවේ බොහෝ දේට සම්බන්ධ නිසා තරමක් කාර්යබහුලයි කියලයි ඇය කියන්නේ

. හැබැයි ඇයට විවේක කාලයක් ගන්න හිතුනොත් ඒ සියලු දේ නවත්තලා දාලා ඇයගේ විවේකය ඇය ගන්නවා කියලත් ඩිස්නි කියනවා. කොහොම වුණත් ඇය නිතරම ඇක්ටිව් වෙලා ඉන්න කැමැතියිලු. ඒ වගේම ගෙවෙන සෑම තත්පරයකදීම ඒ කාලයට වටිනාකමක්, අරුතක් දෙන්න සහ ඒ වෙනුවෙන් ක්‍රියාශීලි වෙන්න කැමැතියි කියලයි ඇය කියන්නේ. ඉතින් බාස්කට් බෝල් කියන්නෙත් ඇය පාසල් කාලයේ සිටම කළ ක්‍රීඩාවක් කියලත් ඩිස්නි කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery