වත්මන් තරුණ තරුණියන්ගේ මානසික මට්ටම සහ අනවශ්‍ය ගැබ්ගැනීම් ගැන අනාවරණයක්.

Sri Lanka Pregnancy
By Wayomi Mar 13, 2023 12:11 PM GMT
Report

ලංකාවේ ලිංගික අධ්‍යාපනය නොමැතිවීම තරුණියන් අතරේ අනවශ්‍ය ගැබ්ගැනීම්වලට මූලිකවම බලපා ඇති බව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා ඊයේ (12) සඳහන් කළා.

ඒ අනුව විශේෂයෙන්ම වත්මන් තරුණ තරුණියන්ගේ මානසික මට්ටම පරීක්‍ෂා කිරීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

" තරුණ දරුවන් උපත් පාලනය පිළිබඳව ද නිවැරදි අවබෝධයක් ලබා තිබීම ද ඉතා අවශ්‍යයි.

ලිංගික අධ්‍යාපනය ගැන කිසිම අවබෝධයක් නොමැතිව බොහෝ තරුණ තරුණියන් ලිංගිකව එකතුවෙනවා. නිවැරදි උපත් පාලනයක් නැතිව දරුවන් පිළිසිඳ ගත්තාට පසු එක්කො දරුවන් මරා දානවා එහෙමත් නැත්නම් දරුවා මහමඟ දාල යනවා"

අවිවාහක තරුණ මවුපිය යුවළක් සිය බිළිඳා, කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා යෑමේ සිද්ධිය ,මුල් කරගනිමින් ඔහු මේ කරුණු අවධාරණය කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්