වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු අයගේ ප්‍රමාණය ඉහළට. - වැඩි විස්තර පහතින්.
Presidential Secretariat of Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ නංවා ඇති අතර එය ලබාදිය යුතු නිලධාරීන්ගේ පරාසය පුළුල් කර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම මඟින් මෙම පරාසය පුළුල් කර ඇත.
ජනාධිපති කාර්යාලය පවසන්නේ, මීට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ සහ යාවත්කාලීන කරන ලද ප්‍රකාශන ආකෘතිය නිකුත් කර ඇති අතර එය කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් (www.ciaboc.gov.lk) බාගත කර ගත හැකි බවයි.