මුහුදු වෙරළේ දිය නෑමට ගිය තරුණයෙක් දිය යට සැඟ වී යයි - සෙවීම් කටයුතු අඛණ්ඩවම..

Sri Lanka Tamil Nadu Police Sri Lanka Navy Accident Death
By krishani Jun 05, 2023 09:26 AM GMT
Report

ඊයේ (04) සවස, මීගමුව - ඒත්තුකාල මුහුදු වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් විය.

ඔහු ඊයේ සවස පිරිසක් සමඟ ඒත්තුකාල මුහුදු වෙරළේ දිය නාමින් සිට ඇත.

එහිදී එකවර දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, වයස අවුරුදු 26ක් වූ මැටියගනේ, වැවුඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

කෙසේවෙතත්, මේවන විටත් මීගමුව පොලිසිය සහ නාවික හමුදාව එක්ව අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join