සංගීත් පෙම්වතිය දිනීට දුන්න කෝටි ගානක් වටින තෑග්ග.. (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Jan 01, 2023 01:09 PM GMT
Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන කළා පවුලක ඉපදිලා කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න වාසනාවන්ත වුනු දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සංගීත් සතරසිංහ කියලා කියන්නේ.  

ඉතින් ඔහු මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන කී ටෙලිනාට්‍යයේ අපූරු චරිතයක් වන ලසාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒත් එක්කම ඔහු අසිරිමත් දළදා ගමනය ටෙලිනාට්‍යයේ දන්ත කුමරුගේ චරිතය හරහා වගේම පාර දිගේ ටෙලිනාට්‍යයේ ඩේමියන්ගේ චරිතය හරහාත් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි.  

ඉතින් ඒ වගේම කවුරුත් දන්න කියන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන නිරූපණ ශිල්පිනියක් විදිහට කළා ක්ෂේත්‍රයට එකතු වෙලා ඊට පස්සේ නිවේදන ශිල්පිනියක් වගේම දැන් නිරන්තරයෙන්ම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියලා කියන්නේ. ඒ වගේම ඇය වෘත්තියෙන් ගුවන් සේවිකාවක් බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.  

ඉතින් ඒ වගේම මේ සංගීත් දිනිති යුවල ගැන මේ දිනවල වැඩිපුරම සමාජ මාධ්‍ය තුල කතා බහට ලක්වෙන්නේ මේ දෙන්නා කොහේ ගියත් එකටම දකින්න ලැබෙන නිසා. කොහොම නමුත් සංගීත් පහුගිය දවසක දිනිතිට ආදරේ ප්‍රකාශ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

 ඉතින් ඒ ගැන තොරතුරු අපි ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති. ඉතින් පහුගිය දවසක සංගීත් ඔහුගේ ආදරණීය පෙම්වතිය වන දිනිතිට කෝටි ගණනක් වටිනා බෙන්ස් මෝටර් රථයක් තෑගි කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.  

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේදී ලබාගත්ත වීඩියෝවක් සංගීත් ඔහුගේ යූ ටියුබ් නාලිකාවට එක් කරමින් පවසලා තිබුනේ 2023 වෙනුවෙන් දිනිතිට දීපු කෝටි ගණනක තෑග්ග කියලයි. ඉතින් මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ දෙන්නාගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery