දිනේශ් ෂාෆ්ටර් ඝාතනය ගැන පොලීසියෙන් ප්‍රකාශයක්..

By Sithumi Dec 27, 2022 05:02 PM GMT
Report

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය ගැන විවිධ මාධ්‍ය ඔස්සේ තහවුරු නොවූ තොරතුරු ප්‍රචාරයවීමෙන් විමර්ශනවලට බාධා එල්ලවිය හැකි බව පොලීසිය පවසනවා.  

එය සැකකරුවන්ට වාසිදායක ලෙස බලපෑ හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා. 

  ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඉකුත් 15 වනදා බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථයක් තුළ අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.  

එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මකයි.