මහ බැංකුව සම්බන්ධව අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්...
ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර, දැනට ඉදිරිපත්ව ඇති “ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත” වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අනිද්දා පැවැත්වීමට සැළසුම් කර තිබූ මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය කල්දමන ලෙස තමා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(09) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ විවාදය පැවැත්වෙන නව දිනය පෙරවරුවේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කරන බවයි.
පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කෙටුම්පත අනිද්දා විවාදයට ගැනීමටයි තීරණය කරනු ලැබුවේ.
මේ අතර ජනක රත්නායක, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට අනුවයි අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |