ත්‍රිවිධ හමුදාව ගැන අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්..

Sri Lanka Army Dinesh Gunawardena Sri Lanka Sri Lanka Navy Sri Lanka Air Force
By Aruna May 05, 2023 06:35 AM GMT
Report

ත්‍රිවිධ හමුදාවේ නව බඳවාගැනීම් නතර කිරීමත්, ත්‍රිවිධ හමුදාව අතහැර යන ප්‍රමාණය වැඩිවීමත් නිසා ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ වහාම යළිත් නව බඳවාගැනීම් සඳහා අවසර දෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

රජයේ ආයතනවල සේවයට බඳවාගැනීම් වහාම නවත්වන ලෙසට මහාභාණ්ඩාගාර උපදෙස් මත නිකුත් කරන ලද චක්‍රලේඛය නිසා වාර්ෂිකව ත්‍රිවිධ හමුදාවට නිලධාරීන් හා සෙසු නිලයන් බඳවාගැනීම් ජනවාරි මාසයේ සිට නවත්වා තිබිණි.

මේ හේතුවෙන් නිලධාරීන් බඳවාගැනීම් සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණ අවසන් අදියර දක්වා පැමිණ නවතා දමා ඇතර මෙය වැඩිපුරම බලපා ඇත්තේ ගුවන් හමුදාවට වීමද විශේෂත්වයක්.

කොතලාවල ආරක්ෂක පීඨයට බැඳෙන නිලධාරීන්ගේ බහුතය යුද හා නාවික හමුදාව පමණක් තෝරාගැනීම නිසා ගුවන් හමුදාවට එමගින් ලැබෙන අවස්ථාවද ගිලිහී ගොස් ඇත.

අවුරුදු 8, 12 සහ 22 න් සෙසු නිලයන්ද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිසා පිරිස් බලය රඳවා ගැනීමේ ගැටලුවක් පැන නැගී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

තිස්පන්දාහක් වූ ගුවන් හමුදාවේ පිරිස් බලය මේ වනවිටවිසිදහස දක්වා අඩුවී ඇතත් නව බඳවාගැනීමකට අවසර ලැබී නොමැත.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙද්දී අලුත් කණ්ඩායමක් බඳවා ගැනීම දිගටම සිදුවිය.

මීළඟ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබුණත් මෙයට කලින් බඳවා ගන්නට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබූ පිරිසටද අනුමැතිය ලැබී නැති අතර, එම නිසා ඉදිරියේදී ප්‍රතිඵල නිකුත් වූ පසුව එම පිරිසටද අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බවයි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙන්නේ.

අගමැතිවරයා යටතේ පත්කළ කමිටුවක් මගින් නව බඳවාගැනීම් සඳහා නිර්දේශ නිකුත් කරන බැවින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාවේ බඳවාගැනීම් කඩිනම් කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබීමද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now