මගේ සැමියා සිදත් වෙත්තමුණිගේ පුතා සංජය වෙත්තමුණි, මම මුලින්ම රංගනයට ආවේ වේදිකාවෙන් -ඩිනාරා පුංචිහේවා (PHOTOS )

By Sithumi Mar 13, 2023 01:24 PM GMT
Report

මේ දිනවල රිදී තිරය ඔස්සේ අරගල, නවක වදය, දේශපාලන මැදිහත්වීම් විශ්වවිද්‍යාල ජීවිතය තුළ එදා මෙදාතුර දැකිය හැකි දේය පිළිබද සියුම් අධ්‍යයනයක යෙදෙන මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ පළමු දිගු සිනමා සිත්තම ලෙසින් දිගහැරෙන ‘සහෝ’ චිත්‍රපටයේ කථිකාචාර්යවරියක ලෙස විශිෂ්ට රංගනයක යෙදෙන නවක සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිනාරා පුංචිහේවා කියලා කියන්නේ.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ මුල්ම සිනමා අත්දැකීම තමයි ගාඩි චිත්‍රපටය. ඒ වගේම එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට පෙර ජාත්‍යන්තර සම්මාන උලෙළයන් නියෝජනය කර සම්මානයට පාත්‍ර වුණා. ඉතින් සහෝ කියන්නේ ඇයගේ දෙවැනි සිනමා අත්දැකීම.

එයත් මේ වනවිට ජාත්‍යන්තර සම්මාන උලෙළයන් නියෝජනය කර සම්මාන රැසක් හිමිකරගෙන තියෙනවා. ඒ නිසාම අද ඇයට පුදුම සතුටක් දැනෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට සම්මාන ගැන නම් ලොකු බලාපොරොත්තුවක් නෑ කියලත් ඩිනාරා කියනවා. මොකද මේ වගේ හොඳ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීමම ඇයට සම්මානයක් තමයිලු

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery