අවුරුදු 10 එක දවසක්වත් නිවාඩුවක් නොගෙන මම වැඩ කළා. ඒ අවුරුදු 10ට මම ට්‍රිප් එකක් වත් ගිහින් නැහැ. (PHOTOS)

Gossip Today Dinakshie Priyasad SL Actress Gossips
By Sithumi Dec 29, 2022 05:36 PM GMT
Report

ක්ෂේත්‍රයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස දිනක්ෂි ප්‍රියසාද්ව හඳුන්වන්න පුළුවන්. ඇය මේ වෙද්දි ආදරණීය මවක්. මව සහ බිරිඳක් ලෙස ඇය ඉතාමත් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන බව ඇය සමාජ ජාලාවල හැසිරෙන ආකාරයෙන් පෙනෙනවා. නමුත් ඇය තමන් සිටින තැනට එන්න කොයිතරම වෙහෙසුණාද කියලා මෑතකදී ඇය කළ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා තිබුනා.  

පහත දැක්වෙන්නේ ඒ ප්‍රකාශනයයි. “අපි හැමෝටම එකට එකතු වෙලා ඉන්න පුළුවන් ගෙයක් ගන්න ඕනි කියන එක තමයි මට ඒ දවස් වල තිබ්බ ලොකුම හීනය. ඒ වෙනුවෙන් මම ෆුල් ටයිම් වැඩ කරා. මට අවුරුදු විසි අටක් වෙනකම් අපි හිටියෙ කුලී ගෙවල්වල. අපිට කියලා දෙයක් තිබුණෙ නැහැ.  

අවුරුදු දහයක් එක දවසක්වත් නිවාඩුවක් නොගෙන රෑ දවල් මම වැඩ කළා. ඒ අවුරුදු 10ට මම ට්‍රිප් එකක් වත් ගිහින් නැහැ. එහෙම වැඩ කරලා තමයි මේ හැමදේම මම ගොඩනඟා ගත්තේ. පස්සේ නංගිලත් මාත් එක්ක එකතු වුනා.  

2017 තමයි අපිටම කියලා ඉන්න ගෙයක් අපි ගත්තේ. මේ හැම දෙයක් පිටිපස්සෙම තිබුනේ මගේ අම්මාගේ ශක්තිය. අද මම මගේ ජීවිතේ නිදහසේ සතුටින් විදිනවා”  

ඔන්න ඔය විදිහට තමයි ඇය සති අග පුවත්පතක් සමග එකතු වෙලා ඒ සුන්දර දුක්මුසු අතීතය පිළිබඳව සතුටින් අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.ඉතින් ඒ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery