මම පොඩි කාලේ ගොඩක් කළු නිසා ගොඩක් අය රඟපාන්න ගත්තෙ නැහැ..ජනප්‍රිය නිළි දිනක්ෂි දැන් කියන කතාව (PHOTOS )

By Sithumi Mar 25, 2023 06:02 PM GMT
Report

අපේ රටේ කොයි කවුරුත් දන්න කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඉතින් කලා පවුලක් වන ප්‍රියසාද් පවුල කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද්ගේ පවුලයි. ඉතින් තම දුවලා තුන් දෙනත් කලාවටම සම්බන්ධ කරවීම ගැන ඔහු බෙහෙවින් සතුටට පත් වෙනවා.

දිනක්ෂි කුඩා කාලයේ ක්ශේෂ්ත්‍රයට පිවිසුණු ආකාරය ගැන පවසා සිටියේ මෙවැන්නක් ” මම පොඩි කාලේ රගපෑවේ නෑ. ගොඩක් ලැජ්ජා කෙනෙක්. හැමෝම හිතුවේ තාත්තා ක්ශේෂ්ත්‍රයේ නිසා මටත් පුලුවන් ඇති කියලා. නමුත් මට රගපාන්න බෑ. අම්මා මාවයි නංගිලා දෙන්නවයි නිතරම ස්ක්‍රීන් ටෙස්ට් වලට එක්කන් යනවා.

මම පොඩි කාලේ ගොඩක් කලුයි කෙට්ටුයි. ක්‍රීඩා කරපු නිසා වෙන්න ඇති. ඒ වුනාට නංගිලා දෙන්නා සුදුයි මහතයි ලස්සනයි. එයාලා දෙන්නා ස්ක්‍රීන් ටෙස්ට් වලින් සිලෙක්ට් වුනාට මාව සිලෙක්ට් වෙන්නෙ නෑ.”

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery